වැලි මැටි නිසා පන්නල හිර වේ

7:31 PM
වැලි සහ මැටි කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් මේ වනවිට පන්නල නගරයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.මේ හේතුවෙන් පන්නල සිට කුලියාපිටිය ,ගිරිඋල්ල සහ මීගමුව දක්වා ගමන් ගන්නා මාර්ග අවහිරවී ඇති බව වාර්තා වනවා.

වැලි සහ මැටි කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන්ට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම නිසා තමන්ට අමුද්‍රව්‍ය හිඟවී ඇති බවයි විරෝධතාවට සහභාගිවූවන් පවසන්නේ.

ඔවුන් ටිපර් රථ 400කට ආසන්න ප්‍රමාණයක් ගෙනවිත් පන්නල නගරයේ නවතා තැබීම නිසා වාහන තදබදයද වැඩිවී තිබෙනවා.

Share this

Related Posts

Previous
Next Post »