සුසිල් විශ්‍රාම යන්න සැරසෙයි

7:36 PM
තමන් දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීම ළඟදීම විය හැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම්වරයෙකු වන අමාත්‍ය සුසිල් පේ‍රමජයන්ත් මහතා කියා සිටියා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (16) වැඩ භාරගත්තා. ඒ, ඩාර්ලි පාරේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා මෙම අවස්ථාවට සහභාගි වෙමින් එසේ කරුණු පැහැදිළි කළා. එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඉකුත් ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය වූ සැබෑ හේතු තමන් දේශපාලනයෙන් විශ‍්‍රාම ගත් පසු හෙළි කරන බවයි.

Share this

Related Posts

Previous
Next Post »