බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම මහින්දගේ නිවසට

11:27 AM
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද(23) කැඳවා තිබෙනවා. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ තම නිළධාරීන් පිරිසක් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවසට අද පෙරවරු ගිය බවයි. 

ජනාධිපතිවරණ සමයේ රජයේ මාධ්‍ය ආයතනයක් ඔස්සේ විකාශය කළ දැන්වීම්වලට අදාළ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහායි හිටපු ජනාධිපතිවරයා එලෙස කැඳවා ඇත්තේ.

මෙම සිද්ධියට අදාළව මීට පෙර හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියා

Share this

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng