කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කරමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය ඊයේ(22) පස්වරුවේ
පීලිපැනීමකට ලක්වුණා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ බදුල්ල සහ හාලි
ඇල දුම්රිය ස්ථාන අතරදී මෙම පීලිපැනීම සිදුව ඇති බවයි. ඒ හේතුවෙන් උඩරට
මාර්ගයේ දුම්රිය ධාවනය හාලිඇල දක්වා සීමා කර තිබුණා
පිලීපැනීමට ලක් වූ උඩරට මැණිකේ
දුම්රිය මේ වනවිට පීලිගත කිරීමේ කටයුතු අවසන් වී ඇති බැවින් උඩරට මාර්ගයේ
දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව දුම්රිය පාලක මැදිරිය අද (23)ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අද උදෑසන සුපුරුදු පරිදි උඩරට මැණිකේ
දුම්රිය බදුල්ල බලා පිටත්වී ඇති අතර පිීලිපැනීමට ලක්වූ දුම්රිය ද මේ වනවිට
කොළඹ බලා ගමන් අරඹා තිබෙනවා.
EmoticonEmoticon