නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය යථා තත්ත්වයට

12:46 PM
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව විදුලිබල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.සි.වික්‍රමසේකර මහතා සඳහන් කළේ අද දිනය තුළ එය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.

නොරොච්චෝලේ තාපවිදුලි බලාගාරයේ තෙවන අදියරට අයත් ජනන යන්ත්‍රයක ඇති වූ දෝෂයක් හේතුවෙන් ඊයේ පෙරවරුවේ සිට බලාගාරයේ කටයුතු සම්පුර්ණයෙන් ඇණ හිට තිබේ.

කෙසේවෙතත් මේ දිනවල ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බලාගාරයේ කටයුතු ඇණහිට තිබුණ ද විදුලිය සැපයුමට බාධාවක් නොවු බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.සි.වික්‍රමසේකර මහතා පැවසුවේය.

Share this

Related Posts

Previous
Next Post »