තියුණු ආයුධයකින් ඇන මුරකරුවෙකු ඝාතනය කරලා

12:42 PM
දෙණියාය, එනසල්වත්ත වතුයායේ මුරකරුවෙකු ඝාතනය කර තිබේ.

අද අලුයම තියුණු ආයුධයකින් පහර දී අදාළ පුද්ගලයා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මියගොස් ඇත්තේ එනසල්වත්ත කාන්දිල්පාන ප්‍ර දේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ දී සිදුකිරීමට නියමිත අතර දෙණියාය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this

Related Posts

Previous
Next Post »