
මේ අතර, ස්විට්සර්ලන්තයේ බැංකුවල තැන්පත් කර ඇති මුදල් ශ්‍රී ලංකාවේ තැන්පත් කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක ශ්‍රී ලාංකිකයන් සහ ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඉන්දීය හින්දු පුවත්පත සඳහන් කරන පරිදි අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ එම මුදල් උපයා ගත් ආකාරය පිළිබඳව ප්‍රශ්න නොනගන බවයි.
ස්විට්සර්ලන්තයේ බැංකුවල මුදල් තැන්පත් කිරීමෙන් ප්‍රතිලාභයක් හිමිනොවුව ද
මෙරට බැංකුවලින් ඒ සඳහා 1.5% සිට 3% දක්වා පොලියක් උපයා
ගත හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. ස්විට්සර්ලන්තය විදේශීය
තැන්පත්කරුවන්ගෙන් දැන් දේශීය බදු සහතික ඉල්ලා සිටිනවා. එහිදී ඩුබායි හෝ
සිංගප්පූරුව වෙනුවට, ඔවුන්ට ශ්‍රී ලංකාව තෝරා ගත හැකියි. ශ්‍රී ලංකාව
තමන්ගේ දෙවන නිවහන ලෙස සලකන්නැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක
ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටි බව හින්දු පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා.
(hiru news)
EmoticonEmoticon