කුණ්ඩසාලේ - අමුණුගම - තෙන්නකෝන් විමලානන්ද මහා විද්‍යාලයේ්
විදුහල්පතිවරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසේල ඒකනායක අද(05) ඇප මත මුදා
හැරුණා. ඒ තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කර තිබෙනවා. එම
සිද්ධියට අදාළව කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අසේල ඒකනායක අද
වත්තේගම පොලීසියට පැමිණ භාරවීමෙන් පසුවයි පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත්
කළේ.
ප්‍රාදේශීය සභා සභාපතිවරයා තවත් පිරිසක් සමග පැමිණ විමලානන්ද විදුහලේ
ක්‍රීඩා භූමියට අයත් වෙනත් ස්ථානයක බලහත්කාරයෙන් ඉදිකිරීමක් සිදුකිරීමට
උත්සාහ කර ඇත්තේ පසුගිය තුන්වනදායි. එම ස්ථානයට පාසලේ විදුහල්පතිවරයා
පැමිණි අවස්ථාවේදියි ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුලූ පිරිස මෙම පහරදීම
සිදුකර ඇත්තේ. සිද්ධියෙන් තුවාල ලැබූ විදුහල්පතිවරයා මේ වනවිට මහනුවර රෝහලේ
ප්‍රතිකාර ලබනවා.
EmoticonEmoticon