එ්කාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරු පිරිසක් රහස් සාකච්ඡාවක

7:22 PM
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරු පිරිසකගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙහිදී ප‍්‍රධාන අවධානයක් යොමු වී ඇත්තේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර එකඟතාවක් ගොඩනැගීමයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් පිරිසක් වෙනම පක්ෂයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමේ සූදානමක් ඇති බවට ඉකුත් සමයේ විවිධ වාර්තා පළ වුණා.

එහෙත් එ්කාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් ඇතුළු පිරිසක් ඊට විරෝධය පළ කළා.

එලෙස විරෝධය දක්වන කණ්ඩායමේ මන්ති‍්‍රවරුන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බවටයි දේශපාලන ආරංචි සඳහන් කළේ.

Share this

Related Posts

Previous
Next Post »