අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

9:59 AM
ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් ගැන ජිනීවා මානව හිමිකම් ‍කොමිසම ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි .  අගමැතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය පස්වරු 2 ට සිදුකරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 

නව අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව මුල්වරට රැස්වන්නේ අදය. මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් පැතිර ඇති අසත්‍ය වාර්තා පැහැදිලි කිරීම සඳහා අද දිනයේ මෙසේ විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව සඳුදා (21) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත.  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් අද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවද දේශපාලන ආරංචි පවසයි

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng