රට සංවර්ධනය කරන ක්‍රමය ජනපති මුළු ලොවටම කියයි

11:54 AM
මුතුන් මිත්තන් දැන සිටි තිරසාර සංවර්ධනයේ මූලිකාංග, 21 වන සියවසට ගැලපෙන ලෙස වෙනස් කරමින් රට සංවර්ධනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට සමගාමීව ඊයේ (27) පැවැති තිරසාර සංවර්ධන සමුළුව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසි වාරයට සමගාමීව පැවැත්වූ තිරසාර සංවර්ධන සමුළුවේ සමාප්තිය ඊයේ (27) සනිටුහන් වුණා.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊයේ හමුවුනා. ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් අතරද මීට පෙර සාකච්ඡා පැවැත්වුණා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ජනාධිපතිවරයා සමස්ත ලෝකයේම විශ්වාසය දිනාගෙන ඇති බවට එහිදී මහලේකම්වරයා ප්‍රකාශ කළ බවයි. එමෙන්ම පාකිස්තාන සහ මෝල්ටා අග්‍රාමාත්‍යවරුන් දෙපළ ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදියි.

Share this

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng