පසුගිය මැයි මාසයේ කොළඹ පැවැති ලෝක ශූරතා මළල ක්‍රීඩා තේරීම් තරගාවලියේදී
තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වූ මළල ක්‍රීඩිකා කේ.ජී.ඒ. ශාලිකා ඩයස්ට
වසර 4ක තරඟ තහනමක් පනවා තිබෙනවා. ඒ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වට සහභාගි වූ
මෙම ක්‍රීඩිකාවගේ මුත්‍රා සාම්පලවල මෙටනොලෝන් සහ ට්‍රෙන්බොලෝන් නමැති තහනම්
ශරීර උත්තේජක අඩංගු වී ඇති බවට රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණ වීමෙන් පසුවයි.
ශ‍්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය ඒ සම්බන්ධයෙන් විනය කමිටු
පරීක්ෂණයක් පවත්වනු ලැබුවා. අද ප්‍රකාශයට පත්කෙරුණු එහි තීන්දුවට අනුව මෙම
ක්‍රීඩිකාවට වසර 4ක තරඟ තහනමක් බලපැවැත්වෙනු ඇති.
EmoticonEmoticon