කොදෙව් පිලට නව නායකයෙක්

1:25 PM
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙකට මුහුණදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුකර තිබෙනවා. මෙතෙක් ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ දිනේෂ් රම්දීන් වෙනුවට නව ටෙස්ට් නායකයා ලෙස පත්කර ඇත්තේ ජේසන් හෝල්ඩයි. 

මෙම පත්කිරීම සම්බන්ධයෙන් ලොව බිහිවූ සුපිරි පිතිකරුවෙකු වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ශ්‍රීමත් විවියන් රිචඞ්ස් සතුට පළ කර තිබෙනවා. ඔහු කියා සිටියේ ජේසන් හෝල්ඩර් මෙම තනතුරට සුදුස්සෙකු බවයි. 

මීට පෙර බ්‍රයන් ලාරාද කොදෙව් කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය සඳහා ජේසන් හෝල්ඩර් පත්කළ යුතු බවට ප්‍රකාශ කර තිබුණා. කොදෙව් පිලේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 3 ක් සහ විස්සයි තරඟ දෙකක් පැවැත්වෙනවා. දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ලබන 14 වනදා ගාල්ලේදී ආරම්භවීමට නියමිතයි.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng