මහනුවර චෙස් තරග අද ඇරැඹේ

5:04 AM
මහනුවර චෙස් ක‍්‍රීඩා සමාජය වාර්ෂිකව සංවිධානය කරන මහනුවර විවෘත ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය මේ මස 10 සිට 14 දක්වා මහනුවර පොල්ගොල්ල සමූපාකාර විද්‍යාලීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

මහනුවර චෙස් ක‍්‍රීඩා සංගමයේ සභාපති රජේනු කළුගම්පිටිය මහතා මෙම තරගාවලිය මෙහෙයවයි.

චෙස් ඉතිහාසයේ විවෘත ශූරයාට පිරිනමන ඉහළම ත්‍යාග මුදල වන රුපියල් ලක්ෂයක මුදල වන රුපියල් ලක්ෂයක මුදලක් මේ තරගාවලිගේ ශූරයාට පිරිනමනු ලැබේ.

විවෘත අංශයේ අනුශූරතාවට තෙවැනි,සිවිවැනි ආදී දස වැනි ස්ථානය දක්වාද විවෘත කාන්තා අංශයටද වයස 8න් පහළ 10න් පහළ12න් පහළ හා 15න් පහළ කාන්තා පිරිමි අංශවල ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට ද රන්, රිදී, ලෝකඩ පදක්කම්වලට අමතරව මුදල් ත්‍යාගද පිරිනමනු ලබයි.

ඉන්දියාව,බංගලිදේශය,මාලදිවයින, ලංකාව, ඇතුලූ රටවල් රැුසක්ම චෙස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 700ක් පමණ මේ චෙස් තරගාවලියට සහභාගී වෙති.

මේ තරගාවලිය තරග වට 10කින් සමන්විතය.එක් තරගවටයක කාලය පැය හතරකි.

තරගාවලිය පැවැත්වෙන සෑම දිනකම දිනකට තරගවට දෙක බැගින් තරගවට 10 පැවැත්වේ.

Share this

Related Posts

Previous
Next Post »