පුංචි ඡන්දය කොට්ඨාශ ක්‍රමයට බෑ - එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක්

9:43 AM
ඉදිරි පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට නොව සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලීමක් කරනවා. ඊයේ (21) පැවැති එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා ඒකමතික යෝජනාවක් ඉදිරිපත් වූ බවයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයේ කාන්තා නියෝජනය 20% දක්වා ඉහළ නැංවීම සඳහා ද යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

පසුගිය මහමැතිවරණයේදී මෙන් අනෙකුත් පක්ෂ සමඟ සන්ධානගතව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් පක්ෂ නායක, මහලේකම්වරයා සහ එහි සභාපතිවරයාට බලය පැවරීම ද එහිදී සිදුවුණා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (21) පස්වරුවේ පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

Share this

Related Posts

Previous
Next Post »