අතුරුදහන්ව සිටි DIG 23 දක්වා රිමාන්ඩ්

9:32 AM
නිධන් ගැනීමේ අරමුණින් කැණීම් කටයුතුවල නිරත වු බවට චෝදනා ලැබූ නියෝජ්‍ය පොලිස්පති යු.කේ.දිසානායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දින කිහිපයක සිට අතුරුදන්ව සිටි සැකකරු සොයා පොලීසිය විශේෂ විමර්ශන ආරම්භ කර තිබුණි.
ඊයේ(19) රාත්‍රී 7.00ට පමණ සැකකරු නීතීඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට බාරවු බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා කොටුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එදිනට සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වව්නියාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng