පිළිමතලාවේ හොර කච්චේරියක්

8:00 AM
පිළිමතලාව නගරයේ ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය ග්‍රාම නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙක් පොලිසියට හසුවුණා.එම ස්ථානයේ තිබුණු ව්‍යාජ - උප්පැන්න, විවාහ - මරණ- චරිත සහතික සහ රාජ්‍ය ආයතනවලට අදාළ වෙනත් ලිපි ලේඛණ සහ රබර් මුද්‍රා  තොගයක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා. පේරාදෙණිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකය ඊයේ  (19)  වැටලීම සිදුකළා.

සැකකාර ග්‍රාම නිලධාරියා මහනුවර ගඟවට කෝරළයේ ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයට අනුයුක්ත අයෙක්.

පොලිසිය පැවසුවේ ලද තොරතුරකට අනුව, දිගු කලක් මූලික විමර්ශන පැවැත් වූ බවයි.

Share this

Related Posts

Previous
Next Post »