ජීනිවා චෝදනා ප්‍රතික්ෂේප කරනවා

10:03 PM
ජිනීවා මානව හිමිකම් වාර්තාවේ ඇති සියලුම චෝදනා එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා ලෙස තමා ප්‍රතික්ෂේප කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

යුද්ධය නිම කිරීම සඳහා එවකට නායකත්වය ලබාදුන් ආරක්ෂක ලේකම්, හමුදාපතිවරු  මෙන්ම  හමුදාවේ ඉහළ නිලධාරීන්ට දඬුවම් ලබාදීමට එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට මේ වන විට අවශ්‍ය වී ඇති බවද ඒ මහතා සඳහන් කර සිටියා. එසේම මේ රටේ රජයක් එවැනි දෙයක් සිදුකිරීමට එකඟවෙයි කියා තමන් නොසිතන බවත්, නිවැරදි නොවන සිදුවීමක් සිදුවූවේනම් එය පොදු දෙයක් ලෙස නොගත යුතු බවත්, යම්කිසි සෙබලෙකු වරදක් සිදුකළේ නම් එය ‍පුද්ගලික වශයෙන් දඬුවම් කළ යුතු බවයි හිටපු ආරක්ෂක ලොකම්වරයා සඳහන් කළේ.

ඒ අනුව එම චෝදනා මුළු හමුදාවටම සිදුකළ යුතු නොවන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Share this

Related Posts

Previous
Next Post »