පෑලියගොඩ වෙඩි තැබීම යට පාතාල කල්ලිය

9:06 AM
පෑලියගොඩ බුලුගහ හන්දිය ප‍්‍රදේශයේදී ඊයේ (31) සිදු වූ වෙඩි තැබීම පිටුපස පාතාල කල්ලි සම්බන්ධයක් ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙන්ම තවත් පුද්ලයෙකුද තුවාල ලැබුවා.

මෙම වෙඩි තැබීම ඊයේ (31) පස්වරුවේ සිදුවූයේ මෝටර් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටි සිදු වූ අනතුරකින් පසුවයි.එහිදී මෝටර් රථයේ රියැදුරු ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර තිබුණා.

සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කර ගත් හිස්වැසුමක් පැළඳ පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර ඇතිි බවයි පොලීසිය පැවසුවේ.

තුවාල ලැබූ පුද්ගලයා නාගරික මන්තී‍්‍ර ශාමික සඳරුවන්ගේ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වන දඩල්ලගේ මංජු හෙවත් ඩි. මංජු නමැති පුද්ගලයා බවයි අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත් වෙඩි තැබුවේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ කර නැහැ.

Share this

Related Posts

Previous
Next Post »