මරණීය දණ්ඩනයට නියමවූවන් බිය වෙයි - අභියාචනා 600ක්

11:02 AM
ශ්‍රී ලංකාවේ එල්ලුම්ගහ (මරණීය දණ්ඩනය) නියම වූ සිරකරුවන් 1115 දෙනෙකු සිටින බවත්, ඉන් 600 ක් පමණ දෙනා නැවත අභියාචනා ඉදිරිපත් කර තිබෙන බවත් බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය. එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළහොත් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටපිටාව මාස තුනක් ඇතුළත නිර්මාණය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හැකි බවද කොමසාරිස්වරයා සඳහන් කළා. මරණ දඬුවම ලබාදීමට පාර්ලිමේන්තුව අනුමත කළහොත් එල්ලුම්ගහ ගෙන ඒමට ජනපතිවරයා ලබාදුන් ප්‍රකාශය පිළිබඳව කොමසාරිස්වරයා එලෙස පැවසුවා.. 

වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස්වරයා, “බෝගම්බර බන්ධනාගාරය පල්ලෙකැලේට රැගෙන ගිය නිසා බෝගම්බර එල්ලුම්ගහ දැන් නැහැ. වැලිකඩ බන්ධනාගාරයෙ එල්ලුම්ගහ තියෙනවා. එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන වධක තනතුරු දෙකක් තියෙනවා. මේ තනතුරු දෙක පුරවන්න පසුගිය මාසයේ අයදුම්පත් කැඳෙව්වා. අයදුම්පත්‍ර 15 ක් ලැබිලා තියෙනවා. එහි සම්මුඛ පරීක්ෂණ තව සති තුනකින් කරනවා.  රජය එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න කියලා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තොත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ සඳහා සූදානමින් සිටින්නෙ. කිසිම ගැටලුවක් වෙන්නෙ නැහැ. බන්ධනාගාර 31 ක් තිබුණත් අපිට එල්ලුම්ගහ තියෙන්නෙ වැලිකඩ විතරයි. එහිදී එය ක්‍රියාත්මක කළ හැකියි.  එල්ලුම් ගහේ ඉතිහාසය බැලුවම 1812 වසරේ ජූනි 10 දින තමයි පළමු එල්ලා මැරීමේ දඬුවම ක්‍රියාත්මක වුණේ. ඒ ඉංගිරියේ කළුඅප්පු කියන පුද්ගලයෙක්. එය ප්‍රසිද්ධියේ එල්ලා මරා තිබෙනවා. 1976 වසරේ ජූනි 23 වැනිදා තමයි අපේ රටේ අවසාන වශයෙන් එල්ලුම් ගහේ එල්ලා මරාදමා තිබෙන්නෙ. ඒ පුද්ගලයා වන්නේ ජේ.එම්. චන්ද්‍රදාස නොහොත් 'හොඳ පපුවා' නමැති අය. 

එල්ලා මැරීමේ ඉතිහාසය බැලුවම එකම වසරේ වැඩිම පිරිසක් එල්ලා මරා තිබෙන්නෙ 1915 වසරේදී. ඒ ජාතිවාදී කෝලහාලයකට වැරදිකරුවන් වූ 90 දෙනෙක් එල්ලා මරා තිබෙනවා. 1976 න් පසුව මේ රටේ එල්ලා මැරීම නැවතිලා තිබෙනවා. එදා සිට අද දක්වා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙ එල්ලා මැරීම නියම වූ 1115 දෙනෙකු සිටිනවා. එයින් 600 ක් පමණ දෙනා දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා." යැයි පැවසීය. 

(Ada)
ශ්‍රී ලංකාවේ එල්ලුම්ගහ (මරණීය දණ්ඩනය) නියම වූ සිරකරුවන් 1115 දෙනෙකු සිටින බවත්, ඉන් 600 ක් පමණ දෙනා නැවත අභියාචනා ඉදිරිපත් කර තිබෙන බවත් බන්ධනාගාර කොමසාරිස් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළහොත් එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටපිටාව මාස තුනක් ඇතුළත නිර්මාණය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හැකි බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.
මරණ දඬුවම ලබාදීමට පාර්ලිමේන්තුව අනුමත කළහොත් එල්ලුම්ගහ ගෙනඒමට ජනපතිවරයා ලබාදුන් ප්‍රකාශය පිළිබඳව කොමසාරිස්වරයාගෙන් අප කළ විමසීමකදී එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස්වරයා,
“බෝගම්බර බන්ධනාගාරය පල්ලෙකැලේට රැගෙන ගිය නිසා බෝගම්බර එල්ලුම්ගහ දැන් නැහැ. වැලිකඩ බන්ධනාගාරයෙ එල්ලුම්ගහ තියෙනවා. එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන වධක තනතුරු දෙකක් තියෙනවා. මේ තනතුරු දෙක පුරවන්න පසුගිය මාසයේ අයදුම්පත් කැඳෙව්වා. අයදුම්පත්‍ර 15 ක් ලැබිලා තියෙනවා. එහි සම්මුඛ පරීක්ෂණ තව සති තුනකින් කරනවා.
රජය එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න කියලා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තොත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ සඳහා සූදානමින් සිටින්නෙ. කිසිම ගැටලුවක් වෙන්නෙ නැහැ. බන්ධනාගාර 31 ක් තිබුණත් අපිට එල්ලුම්ගහ තියෙන්නෙ වැලිකඩ විතරයි. එහිදී එය ක්‍රියාත්මක කළ හැකියි.
එල්ලුම් ගහේ ඉතිහාසය බැලුවම 1812 වසරේ ජූනි 10 දින තමයි පළමු එල්ලා මැරීමේ දඬුවම ක්‍රියාත්මක වුණේ. ඒ ඉංගිරියේ කළුඅප්පු කියන පුද්ගලයෙක්. එය ප්‍රසිද්ධියේ එල්ලා මරා තිබෙනවා. 1976 වසරේ ජූනි 23 වැනිදා තමයි අපේ රටේ අවසාන වශයෙන් එල්ලුම් ගහේ එල්ලා මරාදමා තිබෙන්නෙ. ඒ පුද්ගලයා වන්නේ ජේ.එම්. චන්ද්‍රදාස නොහොත් 'හොඳ පපුවා' නමැති අය.
එල්ලා මැරීමේ ඉතිහාසය බැලුවම එකම වසරේ වැඩිම පිරිසක් එල්ලා මරා තිබෙන්නෙ 1915 වසරේදී. ඒ ජාතිවාදී කෝලහාලයකට වැරදිකරුවන් වූ 90 දෙනෙක් එල්ලා මරා තිබෙනවා. 1976 න් පසුව මේ රටේ එල්ලා මැරීම නැවතිලා තිබෙනවා. එදා සිට අද දක්වා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙ එල්ලා මැරීම නියම වූ 1115 දෙනෙකු සිටිනවා. එයින් 600 ක් පමණ දෙනා දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා." යැයි පැවසීය.  - See more at: http://www.ada.lk/article/105625/%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B7%93%E0%B6%BA-%E0%B6%AF%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96-600%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F-%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92-#sthash.KUIdRInr.dpuf

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng