පනාගොඩදී දස හැවිරිදි දරුවෙකු කපාකොටා ඝාතනය කෙරේ

7:45 PM
අතුරුගිරිය - පනාගොඩ - කපුරුගොඩ පාර ප‍්‍රදේශයේ නිවසක පදිංචිව සිටි වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (25) දහවල් පොලිසියට ලැබුණු තොරතුරක් මත නිවස අසල පිහිටි තවත් පාළු නිවසක තිබී මෙම දරුවාගේ සිරුර සොයා ගත් බවයි. ඝාතනය සිදුවූ ආකාරය මෙතෙක් හෙළි වී නොමැති අතර මෙම පිරිමි ළමයා අද (25) දිනයේ පාසල් ගොස් නොමැති බවට අනාවරණය වි ඇත.
 
අද නිවසේ රැදී සිට ඇත්තේ දරුවාගේ පියා සහ දරුවා පමණයි. එම අවස්ථා වනවිට දරුවාගේ මව වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් තිබුණේ අසනීප තත්ත්වයක් හේතුවෙන්. ළමයා පිළිබඳ විපරම් කිරීමේදී දරුවා නිවසේ නොසිටි බව දැනගත් පියා ප‍්‍රදේශවාසීන් සමඟ එක්ව ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා. එම අවස්ථාවේදී නිවස ආසන්නයේම පිිහිටි පාළු නිවසක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ කවිඳුගේ සිරුර සොයා ගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කළ වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත ජයකොඩි කියා සිටියේ ඝාතනයට අදාළව දරුවාගේ පියාගේ සොහොයුරෙකුට අයත් ගල්වලක සේවය කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසියට සැක මතුව ඇති බවයි.

Share this

Related Posts

Previous
Next Post »