කොටදෙනියාවට විශේෂ ආරක්ෂාවක්

7:30 PM
සේයා සදෙව්මිගේ ඝාතන සිද්ධියේ සැකකරුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සඳහා අද(25) දිනයේ ඔහු අදාළ සිදුවීම සිදු වූ ස්ථානයට රැගෙන යාමට නියමිතව තිබුණා. නමුත් ප්‍රදේශය ආශ්‍රිතව පවතින විරෝධතා හේතුවෙන් මෙම තීරණය වෙනස් කල බව පොලිසිය පැවසුවා.

ඝාතන සැකකරු එම ප්‍රදේශයට රැගෙන එන බවට තොරතුරු ලැබීමත් සමග සේයා දැරිය ඝාතනයට ලක් වූ ප්‍රදේශයේ අද පෙරවරුවේ සිට ප්‍රදේශවාසින් විශාල පිරිසක් රැඳී සිට ඇත.

මේ අතර ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ  නිලධාරින් ද එම ප්‍රදේශයට අනුයුක්ත කර තිබුණා.

සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 23 වනදා ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් අතර එදින රාත්‍රියේම ඔහු ඒ පිළිබඳ පාපොච්චාරණයක් සිදු කර ඇත.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng