කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන
සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 23දා සිදු වූ මෙම වෙඩි තැබීමෙන්
අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා රැගෙන ආ රිමාන්ඩ් සැකකරුවෙකු තුවාල ලැබුවා.
තවත් සිකරුවන් දෙදෙනෙකු පළා ගියා. මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අද අත්අඩංගුවට
ගෙන ඇති අතර ඔහු ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා
වන්නේ. එදිරිසූරිය ආරච්චිලාගේ චමින්ද සදමාල් එදිරිසූරිය නොහොත් චමී නමැති
සැකකරු තිස්පස්වන වියේ පසුවන්නෙක්. විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් අංශයයි ඔහු
අත්අඩංගුවට ගෙන ඇත්තේ. මේ වන විට සැකකරු දොම්පේ පොලීසියේ රදවාගෙන ප්‍රශ්න
කරන බවයි වාර්තා වන්නේ. සැකකරු වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවියේ ඉතිරි
කොටස්ද හංවැල්ල කිරිදිවැල පාරේ ස්ථානයක තිබී සොයා ගෙන තිබෙන බවයි එම වාර්තා
වැඩිදුරටත් සදහන් කරන්නේ.
වෙඩිතැබීම සිදුකල පුද්ගලයා හමුදා සේවයෙන් ඉවත්වූ අයෙකි. දැනට හිරේ සිටින අංගොඩ ලොක්කාගේ කණ්ඩායමත් සමයන්ගේ කණ්ඩායමත් අතර කලක්
තිස්සේ පැවැති ආරවුලක් මෙම වෙඩි තැබීමට මුල්වන්නට ඇතැයිද වෙඩි තැබීමට
සතියකට පෙර නාඳුනන පුද්ගලයකු සැකකාර චමින්දට පිස්තෝලය ලබාදී ඇතැයිද පොලිසිය
පවසයි.
EmoticonEmoticon