”ඇත්තටම මම ඒ පිංතූර ගත්තෙ ශාරීරික ව්‍යායාම්වල යෙදී සිටි අවස්ථාවකදීයි. සිරුරේ නම්‍යශීලීත්වය පවත්වා ගැනීම උදෙසා කාන්තාවන් හට උනන්දුව ඇතිකරවීම ගැන හිතලයි මම එහෙම කළේ. මේවා ප‍්‍රචාරය වුණාම ලංකාවේ කිම්කාඩෂියන් මම කියලා සමාජ වෙබ් අඩවිවල පළවී තිබුණා.”
රඟපෑමට මට ගොඩාක් ආරාධනා ලැබුණා. සිංහල ෆිල්ම්ස් විතරක් නෙවෙයි. ඉංග‍්‍රීසි, දෙමළ ෆිල්ම්ස්වලටත් ආරාධනා ලැබුණා. නමුත් මට ගැලපෙන, මම කැමති චරිතයක් ඒවායේ තිබුණෙ නැහැ. ලැබෙන විදියට බාරගෙන කරන්න කැමති නැහැ. සංගීතයේදී වුණත් නිර්මාණයක් හෝ ප‍්‍රසංගයක් බාරගන්නෙ මට මගේ නිර්මාණාත්මක හැකියාව උපරිමයෙන් ඉදිරිපත් කළ හැකි ඒවා විතරයි. සියයට - සීයක්ම දායකත්වය දිය හැකි චරිතයක් නම් බාරගෙන කරන්න පුළුවනි. නැත්නම්, එය නොකර ඉන්න ඕනෑ.
(lankadeepa)
EmoticonEmoticon