මෛත්‍රීට මඩ ගැසූ දකුණේ ෆේස්බුක් කෙරුමෙක් රිමාන්ඩ්

10:37 AM
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ෆේස්බුක් ඔස්සේ අපහාසාත්මක ලෙස ප්‍රචාරය කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති චමින්ද සම්පත් අතුකෝරාළ මහතා මේ මස 05 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයට පත් කළා.

ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (01දා) කළ නියෝගයකට අනුවය.

2015 ජනාධිපතිවරණ සමයේ කාන්තාවක සම්බන්ධ කර ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධ අභූත චෝදනා ප්‍රචාරය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය අදාළ සැකකරු සොයමින් සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේ, මෙම සිද්ධියට අදාළ සැකකරුගේ ජංගම දුරකතනය ලබාගෙන එය කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමු කර පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසාත්මක විය හැකි දැන්වීමක් සැකකරු විසින් ෆේස්බුක් වෙබ් අඩවියට මුදා හැර ඇති බවට මෙතෙක් සිදු කරන ලද පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි ද දන්වා සිටි රහස් පොලිසිය, සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවහොත් ඉදිරි පරීක්‍ෂණ කටයුතුවලට බාධා ඇති විය හැකි බැවින්, ඔහු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටියා.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng