ඒ.එස්.පී. ලියනගේ අල්ලස් කොමිසමට

12:11 PM
ලබන 4 වෙනිදා පස්වරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි තමන්ට දැනුම්දීමක් ලැබුණු බව ශ‍්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී. ලියනගේ මහතා පවසනවා. ඔහු ප‍්‍රකාශ කළේ 4 වෙනිදා පස්වරු 4.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තමන්ට දැනුම් දීමක් සිදුකර ඇති බවයි.

රාජගිරියේ පිහිටි රුපියල් කෝටි 73ක් පමණ වටිනා පීකොක් මන්දිරය ඒ.එස්.පී. ලියනගේ මහතාට අයත් වනවා. ජනාධිපතිවරණයෙන් පසු එම මන්දිරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට සූදානම් බව ඒ.එස්.පී. ලියනගේ මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.

අදාළ මන්දිරය ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති ලිපි ලේඛන ද එදිනට රැගෙන යන ලෙස අල්ලස් කොමිසම දැනුම් දී ඇති බව ලියනගේ මහතා ප‍්‍රකාශ කළා.

Share this

Related Posts

Previous
Next Post »