ඔහු පෙන්වා දෙන්නේ ඖෂධ හා උපකරණවලට අදාළ ටෙන්ඩර් ගනුදෙනුවලදී සිදුව ඇති අක‍්‍රමිකතා හේතුකොටගෙන මෙම තීරණය ගෙන ඇති බවයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් කොළඹ ජාතික රෝහලේ විකලාංග රෝග ශල්‍යකර්ම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයක් ඊයේ (01) පැවැත්වුණා. එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
දිවයිනේ රෝහල් රැසක වෛද්‍ය උපකරණ හිඟයක් පවතිනවා. එම හිඟය කඩිනමින් පිරවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඇතැම් ආයතන ඖෂධ හා උපකරණ සැපයීමේදී විශාල ටෙන්ඩර් වංචා සිදුකර තිබෙනවා. එම ආයතන අසාදුලේඛනගත කරන බව ද රාජිත සේනාරත්න මහතා මෙහිදී අවධාරණය කළා.
EmoticonEmoticon