එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ මුදල් ඇමතිවරයා සිය බලතල අයුතු ලෙස භාවිත කිරීම හේතුවෙන් රටට හිමිවිය යුතු විශාල බදු ආදායමක් අහිමි කර ඇති බවයි.
"වාහන ආනයනයෙදි රටට ලැබෙන්න තියෙන ආදායම මිලියන 5000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ පසුගිය මාස 11කට ආසන්න කාලයක් තුළ රටට අහිමි කරලා තියෙනවා. එහිදී සෘජුව මුදල් අමාත්‍යවරයා තමන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම රේගූ අඥාපනත උල්ලංගනය කරලා කටයුතු කරලා තියෙනවා. වාහන විවිද සහන යටතේ ගෙන්වද්දි ගෙන්වන වාහන වල අගය අඩුකරලා. ජපානෙන් ගත්ත මිලට වඩා අඩු අගයක් දාලා මෙහෙ බදු ගෙවන්න ඉදිරිපත් කරපු ඉතා විශාල වංචාවක් සිදු වෙලා තියෙනවා.
ඒ වගේම ඒ ගණුදෙනු කිරීම සඳහා නිළ නොවන ලෙස ඉතා විශාල මුදලක් වාහන බලපත්‍ර හිමියන්ගෙන් එකතුකරන්න කටයුතු කරපු කාරණා සම්බන්ධයෙන් විගණාධිපතිවරයා කරන ලද විමසීමක් පිළිබඳවත් තොරතුරු ඉදිරිපත් කිරමින් තමයි මේ පැමිණිල්ල භාරදුන්නේ".
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේ.
EmoticonEmoticon