රටවල් ගණනාවක් අතුරින් ශ‍්‍රී ලංකාව පෙරමුණේ

12:05 PM
2015 වර්ෂයේදී, නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට කැපවූ රටවල් ගණනාවක් අතුරින් ශ‍්‍රී ලංකාව ප‍්‍රමුඛ ස්ථානයක පසුවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ  පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජගත් මහලේකම් බැන්කි මූන් මහතා ද ජාත්‍යන්තර සමුළුවක් අමතමින් මෙය ප‍්‍රකාශ කර ඇති බවයි. උදා වූ නව වසර වෙනුවෙන් පොළොන්නරුවේ ජනතාවට සුභාශිංෂනය පළ කිරීම සඳහා මෙම උත්සවය සංවිධාන කර තිබුණා.

ගෙවී ගිය වසර දෙස ආපසු හැරී බැලීමේදී ශ‍්‍රී ලාංකීය ජනතාවට සතුටු විය හැකි ජයග‍්‍රහණ රැසක් ලැබී ඇති බවයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේ.

Share this

Related Posts

Previous
Next Post »