එහි සභාපති පී.ටී. ශ‍්‍රියන්ත මහතා ප‍්‍රකාශ කළේ ඉකුත් 31 වෙනිදා රාත‍්‍රියේ හික්කඩුව පොලිස් ස්ථානාධිපතිවරයා හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් එම විමර්ශනය සිදුකළ යුතු බවයි. විදේශිකයින් වෙනුවෙන් හික්කඩුව වෙරළ තීරයේ සංචාරක හෝටල් ආශ‍්‍රිතව ඉකුත් 31 වෙනිදා රාත‍්‍රියේ විශේෂ ප‍්‍රිය සම්භාෂන උත්සව රැසක් සංවිධාන කර තිබුණා. ඒ, සංචාරක හෝටල් හිමිකරුවන් විසින්.
කෙසේ වෙතත් හික්කඩුව පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ හෝටල් වෙත පැමිණ විදේශිකයින් බියගන්වා පලවාහැරි බවයි හික්කඩුව සංචාරක ප‍්‍රවර්ධන සංගමයේ සභාපති පී.ටී. ශ‍්‍රියන්ත මහතා ප‍්‍රකාශ කළේ.
ස්ථානාධිපතිවරයාගේ මෙම කි‍්‍රයාකලාපයෙන් හික්කඩුව සංචාරක ව්‍යාපාරයට ද දැඩි බලපෑමක් එල්ල වන බවයි පී.ටී. ශ‍්‍රියන්ත මහතා සඳහන් කළේ.
අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනයන් හිදී පමණක් පසුදා අලූයම 1.00 දක්වා ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිත කළ හැකියි. ඉරිදා දිනයන් හිදී මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිත කළ හැකි වනවා.
කෙසේ වෙතත් දෙසැම්බර් මස 31 වෙනිදා බ‍්‍රහස්පතින්දා දිනයක් වූ බැවින් ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිත කිරීම සඳහා අවසර ඇත්තේ රාත‍්‍රී 10.00 දක්වා පමණයි. ඒ අනුව අදාළ සංචාරක හෝටල් හිමිකරුවන් නීති විරෝධී කි‍්‍රයාවක් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.
කෙසේ වෙතත් හික්කඩුව සංචාරක ප‍්‍රවර්ධන සංගමයේ සභාපති පී.ටී. ශ‍්‍රියන්ත මහතා සඳහන් කළේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් රජයේ ප‍්‍රධානීන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් ද දැනුවත් කර ඇති බවයි.
එහෙත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීමට කිසිවෙකුටත් අවසරයක් නොමැති බවයි
EmoticonEmoticon