හිරුණිකාගේ මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශනත් නීතීපතිට

11:49 AM
වෙළෙඳසැලකට කඩාවැදී එහි සිටි පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන්  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනය පිළිබඳ වාර්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නීතිපතිවරයා වෙත යොමුකළ බවයි.

අදාළ පැහැරගැනීම සිදුවුණේ දෙසැම්බර් මස 21 වෙනිදායි.  අදාළ සැකකරුවන් මෙම පැහැරගෙන යාම සඳහා පැමිණ තිබුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ද මාධ්‍ය හමුවක් පවත්වමින් ඉකුත් දා අදහස් දැක්වූවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය විසින් පැවැත් වූ මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශන ද තමන් වෙත එවන ලෙස නීතිපතිවරයා දැනුම්දීමක් කර ඇති බවයි.

Share this

Related Posts

Previous
Next Post »