කැමරාව ඉදිරියේ රඟපෑවාට මම හරි ලැජ්ජාශීලියි

4:15 PM

නිළියක වන බව නම් කවුරුවත් හිතන්න නැතුව ඇති. ඒ තරමටම මම ලැජ්ජාශීලි වුණා. අද වුණත් කැමරාව ඉදිරියේ රඟපෑවාට මම හරි ලැජ්ජාශීලියි. කොහොම වුණත් රංගනයෙන් ජනතාව පිනවීමට ලැබීමත් මා ලද වාසනාවක්. ඉතින් මේ විදියට රටට වැඩදායි චරිතයක් වේවි කියලා අම්මා හිතන්න ඇති..............මේ......ත‍්‍රිශූලදීප තඹවිටගේ - මිනිමහිම (මිහිපා) මහේන්ද්‍ර කුලසිංහගේ - හිරුසඳුට ආදරෙයි (සෙව්වන්දි) රෝහණ සමරදිවාකරගේ මීදුමෙන් එහා (නිශාදි) ඉරේෂ් ලොකුබණ්ඩාරගේ නීල පළිඟු දිය (රුවන්ගි) යන චරිත සමග ආලින්දය හැඩකරන නිලූක්ෂි ප‍්‍රනාන්දු....

buttonනිලූක්ෂි, මේ චරිත අතරින් ඔබට වඩා සමීප චරිතය කුමක්ද?
මට හිතෙන විදියට මිහිපා සහ රුවන්ගි චරිත ගැන අනෙක් චරිතවලට වඩා මිනිස්සු වැඩිපුර කතා වෙනවා. ඒ චරිත අතින් ‘මිහිපා’ චරිතය මට ගොඩාක් ළඟයි වගෙයි.

buttonසැබෑ ජීවිතයේදී ඔබට මොනවගේ චරිතයක් වෙන්නද අවශ්‍ය වුණේ?
පැවරෙන සියලූ වගකීම් දරාගෙන, ඒවා ඉටු කරමින්, සැහැල්ලූවෙන් අවංකව ජීවත්වන චරිතයක් වෙන්නයි.
buttonසමාජයේ සිටින චරිත අතරින් ඔබට මොනවගේ කෙනෙකුගේ ආදර්ශය ගන්නද  ඕනෑ වුණේ?
කවදාහරි මට මගේ අම්මා වගේම වෙන්නයි මට  ඕනෑ වුණේ.

buttonඅම්මා ලස්සනයි? හොඳයි? එහෙමද?
ඔව්, අපේ අම්මා ලස්සනයි. ඊටත් වඩා ඇය අරුත්බර වෙන්නෙ වගකීම් සාර්ථකව ඉටුකළ අපූරු කාන්තාවක් නිසයි.

buttonපවුලේ ඔබ විතරද?
අම්මා, තාත්තා, නංගිලා තුන්දෙනා සහ මම. දැන් මම සැමියා සහ දියණිය.

buttonඔබ ඔබගේ අම්මා වගේම ඔබගෙ පවුලට වගකීම් ඉටුකළ සහ ඉටුකරන කෙනෙක් කියලා හිතනවද?
අනිවාර්යෙන්ම ඔව්. අපේ ලොකු නංගි විවාහ වුණා. ඒ වෙලාවේ මම දෙමාපියන්ට ලොකු සහයෝගයක් දුන්නා. මට පුළුවන් විදියට මගේ උපරිමයට ඉටුකරනවා.

buttonඑදා ඔබ ඉගෙන ගන්නා කාලයේදී ඔබගෙ මව බලාපොරොත්තු වුණේ ඔබ කොතැනක නතර වේවි කියලද?
නිළියක වන බව නම් කවුරුවත් හිතන්න නැතුව ඇති. ඒ තරමටම මම ලැජ්ජාශීලි වුණා. අද වුණත් කැමරාව ඉදිරියේ රඟපෑවාට මම හරි ලැජ්ජාශීලියි. කොහොම වුණත් රංගනයෙන් ජනතාව පිනවීමට ලැබීමත් මා ලද වාසනාවක්. ඉතින් මේ විදියට රටට වැඩදායි චරිතයක් වේවි කියලා අම්මා හිතන්න ඇති.

buttonඔබගෙ කැමැත්ත වුණේ?
ලස්සනට ඇඳ පැළැඳගෙන කටයුතු කරන ලස්සන දොස්තර නෝනා කෙනෙක් පුංචිම කාලයේදී මම දුටුවා. කවදාහරි මටත් එහෙම වෙන්න ඇත්නම් කියන ආසාව එදා මට ඇති වුණා. පසු කාලයකදී පරිගණක ක්ෂේත‍්‍රයෙන් ඉහළට යන්න හිතුණා. කොහොම වුණත් පසුකාලයකදී රැකියාවක් කරන අතරතුරේදී තමයි මේ ක්ෂේත‍්‍රයට ආවේ. රංගනයෙන් සමාජයට පණිවුඩයක් දිය හැකි චරිත කිරීමේ ආසාව එහිදී ඇති වුණා.

buttonරඟපෑමේ ක්ෂේත‍්‍රයේදී ඔබ අපේක්ෂා කළ ඒ චරිත ලැබුණද?
ඔව්, බොහෝ දුරට ලැබුණා.

buttonඒ චරිත අතරින් ඔබ මේ දක්වා ලැබූ ඉහළම ප‍්‍රතිචාරය?
මම රංගනයට එක්වූ පළමු ටෙලි නිර්මාණය වන අශෝක අතාවුදහෙට්ටි මහතා අධ්‍යක්ෂණය කළ සත්ෂෆාකාරය........? නාට්‍යයේ රඟපෑ චරිතයටයි. එතුමා දිනක පුවත්පතකට කියා තිබුණෙත්, සුමිත‍්‍රා පීරිස් මහත්මියට එදා වසන්ති චතුරානි හමුවූවා සේ මෙදා ඔහුට තවත් වසන්ති කෙනෙක් හමුවුණා කියලයි. ඉතින් ඒ වගේ ප‍්‍රතිචාර මේ ගමනට ලොකු ශක්තියක් වුණා.

buttonක්ෂේත‍්‍රයේදී රඟපෑමේදී ඔබට හමුවූ විශිෂ්ඨ රංගන ශිල්පිනිය කවුද?
මගේ ඇස් පනාපිට දුටු අපූරු ශිල්පිනියන් අතරින් වසන්ති චතුරානි, ජයනි සේනානායක, චාන්දනී සෙනවිරත්න වැනි ප‍්‍රවීනතම ශිල්පිනියන් හරිම විශිෂ්ඨයි.

buttonලෝකයේ මෙතෙක් දුටු කාන්තා චරිත අතරින් ඔබ වඩා ගරු කරන්නේ?
කතා දෙකක් නැහැ, ඒ මගේ අම්මාටයි.

buttonඒ හැර?
වෙන කෙනෙක් ඒ තරමටම මට දැනිලා නැහැ.

buttonඔබ සසල කළ පිරිමි චරිතය කවුද?
සංසිද්ධියක් හැටියට ගත්තොත් මගේ සැමියා තමයි.

buttonඔබ බොරු කියනවද?
කෙනෙකුට යහපතක් වෙනවා නම් හොඳක් වෙනවා නම් ඒ නිසා ඒ බොරුව කියන්නම වෙනවා නම් කියනවා.

buttonඔබ හොඳද? ඒ මොන වගේ දේ නිසාද?
වැරදීම් වෙනවත් ඇති. ඒත් මම සියලූ දේ කරන්නෙ හිතට එකඟවයි. ඒ නිසා හොඳයි කියලා හිතනවා.

buttonහිතට දැනෙන ගී අතරින් ගීයක් මුමුණන්න කිව්වොත්?
”දුනු කෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා
පසළොස්වක සඳ වාගේ මුහුණ පෙනෙනවා
මගේ අම්මා මට ලොව්තුරු සුවය සදනවා”

buttonනිළි ගරුත්වය රැක ගැනීමට නම් මොනවගේ හැසිරිය යුතුද?
කරන රංගන රාජකාරිය අවබෝධයෙන් ගෞරවයෙන් කළ යුතුයි. මොන දේ කළත් මම ගැහැනියක යන අවබෝධය තිබිය යුතුයි. සමාජයට පණිවුඩයක් ගෙන දෙන විදියට ගැහැනුකම තබාගෙන ආදර්ශමත් විය යුතුයි.
(lankadeepa)

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng