ප‍්‍රසංගයකින් ඩොලර් ලක්‍ෂ 80ක් ඉපැයූ මැඩෝනා

7:37 AM

 සමරිසි බව අපරාධයක් ලෙස සලකනු ලබන රුසියාව තුළ තමන් යළිත් ප‍්‍රසංග සඳහා එක් නොවන බව සුප‍්‍රකට පොප් ගායිකා මැඩෝනා පවසා ඇතැයි වාර්තා වේ.

57 හැවිරිදි මැඩෝනාට රුසියාව තුළ ලාභ ලබන ව්‍යාපාර ඇති අතර මොස්කව් හා ශාන්ත පීටර්ස්බර්ග් නගර තුළ ඇති හාඞ් කැන්ඩි නම් ශරීර සුවතා මධ්‍යස්ථාන අයත්වන්නේ ඇයටයි. මේ අතර රුසියාව තුළ සමරිසි බව අපරාධයක් නොවන අතර 1993 සිට එය නීතිගත කර ඇති බව මැක්ඩොනල්ඞ් සඳහන් කර තිබේ.

ඇතැම් රටවලට සාපේක්‍ෂව සමලිංගිකත්වය පිළිබඳව රුසියානු සමාජය ගතානුගතික ස්ථාවරයක් දරන බවත් ඇමරිකාව තුළ පවා ඇතැම් ප‍්‍රාන්තයන් සමරිසි අයිතීන් නීතිගත කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බවත් බ‍්‍රයන් මැක්ඩොනල්ඞ් දක්වා තිබේ.
නමුත් 2012දී මැඩෝනා අබුඩාබි නගරයේ පැවති ප‍්‍රසංගයකින් ඩොලර් ලක්‍ෂ 80ක් ඉපැයූ බව දක්වන මැක්ඩොනල්ඞ් පවසන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සමරිසි බව මරණීය දණ්ඩනය ලබාදෙන තරමේ අපරාධයක් වීම මැඩෝනා නොතකා හරින බවයි.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng