සේයාගේ ඝාතනයට සැක තවත් අයෙක් අල්ලයි

7:24 PM
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අද (03) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අතුරුව පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී ඇත.

සේයා දැරිය ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නමැති සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 
ඝාතනය සම්බන්ධයෙන්,  මීට පෙර 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ එක්දරු පියෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔවුන් පසුගියදා අධිකරණය මගින් නිදහස් කෙරුණේ ඔවුන්ගේ ඩී.එන්.ඒ වාර්තා මියගිය සේයා දැරියගේ ඩී.එන්.ඒ වාර්තා සමග නොගැළපීම හේතුවෙන්.

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර මරා දමා තිබියදී ඇයගේ සිරුර නිවස අසල ඇල ඉවුරක තිබී හමුවූයේ පසුගිය 13 වැනිදායි.

(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng