සාකච්ඡා අසාර්ථකයි - 15 දා වර්ජනය ක්‍රියාත්මකයි!

1:33 PM
පෙර තීරණය කරගත් පරිදි 15වෙනිදා ඒකාබද්ධ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තිය සමිති එකමුතුව තීරණය කර තිබේ.

2016 අයවැය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබදව අග්‍රාමාත්‍යවරයා සමඟ අද පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෘත්තීය සමිති නායකයින් අදාළ තීරණය දැනුම් දුන් අතර රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ පැවති සාකච්ඡාවලින් සාධනීය විසඳුමක් නොලැබුණු බවයි.

විශේෂයෙන්ම 2016 වසරේ සිට විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට ගෙන කර ඇති යෝජනාව ඉවත්කරලීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවට එක්වුණු අග්‍රාමාත්‍යවරයාට හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට පැහැදිලි අදහසක් නොතිබුණු බව රත්නප්‍රිය මහතා පෙන්වා දුන්නේය.

එසේම පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීමට අදාළවද දුන්නු පිළිතුරු වූයේ 'කරන්නම්','කරන්න බලන්නම්'වැනි දේ බවත්, ඒ නිසාම සැලසුම් කළ පරිදි වර්ජනයකට යාමට සිදුවීම නොවැළැක්විය හැකි බවත් ඔහු අවධාරණය කළේය.

ඒ අනුව එළඹෙන 15 වන දින පෙ.ව 7.00 ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩවර්ජනය දියත් කරන බවත්, දුම්රිය ආදී ක්ෂේත්‍රවල 14 වන දින මධ්‍යම රාත්‍රීයේ සිට වැඩවර්ජනය ක්‍රියාත්මක බවත් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් වෘත්තීය සමිති සමග තවදුරටත් සාකච්ඡා කර තීරණය කිරීම සඳහා සාකච්ඡාවක් ලබා ‍නොදුන්නද, අවම වශයෙන් මෙම අයවැයේ පවත්නා අහිතිකර යෝජනා හකුළා ගැනීමට හෝ තවත් දින දෙකක කාලයක් පවත්නා බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
(adaderana)

Share this

Related Posts

Previous
Next Post »