හිටපු ඇමති අබ්දුල් කාදර් මහතා අභාවප්‍රාප්ත වී ඇත. 79 වන වියෙහි පසු වූ ඒ මහතා
මහනුවර පුද්ගලික රෝහලක දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දියණයන් තිදෙනෙකුගේ
පියෙකු වූ කාදර් මහතා අවස්ථා ගණනාවක දී පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙනවා. නාවලපිටිය ශාන්ත මේරි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඒ මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්.
අබ්දුල් කාදර් මහතාගේ දේහය ගම්පොල අඹගමුව පාරේ අංක 105 නිවසේ තැන්පත්කර තිබෙනවා.
EmoticonEmoticon