දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් භාවිත කළ බව කියන ජංගම දුරකතනවල තොරතුරුද එ් අතරට අයත්. සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව 11ක්.
මේ අතර එක්නැළිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා නිලධාරීන් හතර දෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඉකුත්දා අවසර ලබාදුන්නා.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දුන්නේ අදාළ හමුදා නිලධාරීන් හතර දෙනා කිසිදු සාධාරණ හේතුවකින් තොරව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවාගෙන සිටින බවයි.
එම නිසා එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලීමෙන් පසු අදාළ පෙත්සම ලබන 09 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය අවසර ලබාදුන්නා.

EmoticonEmoticon