එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70වන මහමණ්ඩල සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇමරිකාවට පිටත්ව යන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
70 වන එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එළඹෙන 30 වැනිදා ඇමතීමට නියමිතයි.
එහිදී ඔහු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මුණගැසීමටද නියමිත බව වාර්තා වේ.
එහිදී දෙරටට වැදගත් කරුණු බොහොමයක් පිළිබඳව අවධානය යොමු වනු ඇති බව සඳහන්ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරයට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වීමට නියමිතය.
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අමෙරිකාව බලාපිටත්ව ගොස් ඇති බවද වාර්තා විය.
(adaderana)
EmoticonEmoticon