මක්කම මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

10:15 PM
සෞදියේ, මක්කම වාර්ෂික හජ් වන්දනාවේදී සිදුවූ තෙරපීමෙන් මියගිය පිරිස 1,000 ඉක්මවිය හැකි බවට රටවල් කිහිපයක බලධාරීන් පවසනවා.  නමුත් මෙම සිදුවීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 769ක් ලෙස සෞදිය පසුගිය දා නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා. 

නයිජීරියානු බලධාරීන් බී.බී.සී. පුවත් සේවයට පවසා ඇත්තේ මෙම ඛේදවාචකය සිදුවූ ප්‍රදේශයේ සිට 1,000ට වඩා මළ සිරුරු මෘත ශරීරාගාර වෙත යවා ඇති බවයි.  ඉන්දීය, පාකිස්තාන හා ඉන්දුනීසියානු බලධාරීන්ද මෙම මරණ සංඛ්‍යාව 1,000ක් ඉක්ම විය හැකි බව පවසා සිටියි .  නයිජීරියාවේ හජ් වන්දනාව සම්බන්ධයෙන් ක්‍රියාකරන නිලධාරියා පවසන්නේ මළ සිරුරුවලින්ම පිරවූ ලොරි 14ක් නගරයේ සිට මෘත ශරීරාගාර වෙත ගිය බවයි.  එමෙන්ම, අදාළ ලොරි 10කින් මළ සිරුරු 1,075ක් ඉවත්කර මෘත ශරීරාගාරවල දමා ඇති බවත්, තවත් ලොරි හතරක මළ සිරුරු පිළිබඳ ගණනය කිරීමක් සිදුව නොමැති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පවසයි.  වසර 25ක ඉතිහාසයේ සිදුවූ මෙම දරුණු ඛේදවාචකයේදී සෞදිය කටයුතු කළ ආකාරය ගැන රටවල් රැසකින් චෝදනා එල්ල වූ අතර, එම චෝදනා කිරීම්වලදී ඉදිරියෙන්ම සිටියේ ඉරානයයි.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng