රාත්‍රියට ගැහැණු ළමුන්ගේ කාමරවලට එබිකම් කළ හමුදා කෝප‍්‍රල්ට වැඩ වරදියි

10:04 PM
රාත්‍රී කාලයේ ගැහැණු ළමයින් සිටින නිවෙස්වලට ගොස් ඔවුන් නිදාසිටින ඉරියව් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර, ඒවා අන්තර්ජාලයට මුදාහරින බව කියා තර්ජනය කරමින් බලහත්කාරකම් කිරීමට උත්සාහ කළ යුද හමුදා කෝප‍්‍රල්වරයෙකු අද(29) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ශානක කලංසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

දෙදරු පියෙකු වන මොහු තිරප්පනේ - තෝඩමඩුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ තිරප්පනේ නගරයට ආසන්න නිවසක සිටි 17 හැවිරිදි තරුණියකගේ කාමරයකට එබී විදුලි පන්දමක් දල්වා ඇය නිදා සිටි ඉරියව් වීඩියෝගත කරමින් සිටියදියි. තරුණියගේ කෑගැසීම අනුව අසල්වාසීන් එක්ව ඔහු අල්ලාගෙන පොලීසියට භාරදී තිබුණා. 

සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ පොලීසියට එහි තිබූ අසභ්‍ය ඡායාරූප සහ රූපරාමු 600 කට වැඩි ප‍්‍රමාණයක්ද හමුවී තිබෙනවා.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng