නිළියක් හොරකමේ ගිහින් අහුවෙලා

1:18 PM

හොලිවුඩයේ ජනප්‍රිය තරුවක් වන කිම් රිචර්ඩ්ස් කලකට පෙර  විකාශය වූ ‘ලව් බෝට්’ නම් වූ හාස්‍යය මුසුවූ ටෙලි නාට්‍ය තුළින් මෙරට ප්‍රේක්ෂකයන් අතරත් ජනප්‍රිය නිළියක් බවට පත්වුණා.

දැනට 50 වැනි වියෙහි පසුවන ඇය, පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා. 

ඇගේ නිවෙසට සමීපයේ පිහිටි එක්තරා තොග ගබඩාවකින් ඇමරිකානු ඩොලර් 600ක් පමණ වටිනා භාණ්ඩ රැසක් ඇය විසින් සොරාගනු ලැබීම නිසා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඇය එම භාණ්ඩ සොරකම් කරද්දී එහි සිටි ආරක්ෂක නිලධාරියකුගේ අතට ම හසුවී තිබෙනවා. 

කිම් ව අල්ලා ගත් ආරක්ෂක නිලධාරියා ඇයව පොලිසියට භාර දුන් බවත් පොලිස් අත්අඩංගුවට පත්වූ කිම් රිචර්ඩ්ස් ලොස් ඇන්ජලීස් හි නාගරික නීතිපති කාර්යාලයට ඉදිරිපත් කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා.

අත්අඩංගුවට පත්වීමෙන් පසුව හදිසියේ අසනීප වූ කිම්, රෝහල් ගත කෙරුණු බව හොලිවුඩ්පුරයෙන් ලද අලුත් ම ආරංචියක සටහන් වනවා.

Share this

Related Posts

Previous
Next Post »