ගාල්ලේ ජය ගැන සංගාගේ සටහන

10:44 AM
ගාල්ල කී‍්‍රඩාංගණයේදී තමන් සහභාගි වූ අවසන් ටෙස්ට් තරගය ජයග‍්‍රාහීව අවසන් කිරීමට උර දුන් යොවුන් කී‍්‍රඩකයින් ඇතුළු ශී‍්‍ර ලංකා කණ්ඩායමට, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සිය කෘතඥතාව පළ කරනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ සිය කණ්ඩායම පිළිබඳ තමන් ආඩම්බර වන බවයි. මෙම ජයග‍්‍රහණය විශ්මයජනක බව පැවසූ කුමාර් සංගක්කාර සටන්කාමී ඉනිමක නිරත වූ දිනේෂ් චන්දිමාල්ගේ පිතිහරඹයද මෙහිදී ඇගයීමට ලක් කර තිබෙනවා. එමෙන්ම රංගන හේරත් සහ තරිඳු කෞෂාල්ගේ විශ්මිත පන්දු යැවීමද සංගක්කාර සිය ට්විටර් සටහන මගින් ඇගයීමට ලක් කළා.

Sanga

Share this

Related Posts

Previous
Next Post »