දිස්ත්‍රික්ක බොහොමයක ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 60% පනී

5:01 PM
පස්වරු 3 පමණ වන විට බොහෝ දිස්ත්‍රික්කවල ඡන්ද භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 60 ඉක්මවා තිබූ බවයි එම දිස්ත්‍රික් භාර ලේකම්වරුන් කියා සිටියේ. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය පස්වරු 3 වන විට සියයට 65ක මට්ටකම පැවතුණා. මහනුවර දිස්ත්‍රික්කයේ සියයට 68ක් ද, මාතලේ දිස්ත්‍රික්කයේ සියයට 62ක් ද කෑගල්ල දිස්ත්‍රික්කයේ සියයට 65ක් ද, අනුරාධපුරයේ සියයට 65ක් ද වන බවයි එහිදී වාර්තා වුණේ. මාතර සියයට 62ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 61ක් ද බදුල්ල සියයට 63ක් ලෙස ද ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය වාර්තා වූ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ එය වාර්තා වුණේ සියයට 65ක් ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීම පස්වරු 3 වන විට සියයට 65ත්, 68ත් අතර අගයක් ගෙන තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කය 65%
රත්නපුර දිස්ත්‍රික්කය 65%
කෑගල්ල දිස්ත්‍රික්කය 65%
හම්බන්තොට දිස්ත්‍රික්කය 68%
නුවර එළිය දිස්ත්‍රික්කය 68% - 70%
මාතර දිස්ත්‍රික්කය 62%
බදුල්ල දිස්ත්‍රික්කය 63%
ගම්පහ දිස්ත්‍රික්කය 64%
ගාල්ල දිස්ත්‍රික්කය 61% 

(Hiru News)

Share this

Related Posts

Previous
Next Post »