සවුදි ගුවන් ප‍්‍රහාරවලට යේමනයෙන් ප‍්‍රතිප‍්‍රහාර

10:43 AM
සවුදි අරාබිය විසින් යේමනයට එරෙහිව එල්ල කරන ගුවන් ප‍්‍රහාර වලට ප‍්‍රතිප‍්‍රහාරයක් ලෙස යේමන හමුදා විසින් ස්කඞ් මිසයිල ප‍්‍රහාරයක් එල්ල කර ඇත.මෙම ස්කඞ් බැලස්ටික් මිසයිල සවුදි අරාබියේ ජිසාන් ප‍්‍රාන්තයේ හමියේ විදුලි බලාගාරයට එල්ල වී ඇත.

ජනපි‍්‍රය කමිටු හමුදාවන්ගේ සහයෝගය ලබන යේමන හමුදාවන් විසින් දකුණුදිග සවුදි අරාබියේ නජ්රාන් ප‍්‍රාන්තයේ බර්යානින් හමුදා කඳවුර ඉලක්ක කරමින් රොකට් 40ක් පමණ එල්ල කර තිබේ.

ජිසාන්හි අල් අමූඞ් හා අල් මමූඞ් ප‍්‍රදේශයන්හිදී සවුදි අරාබියානු යුධ ටැංකියක් ඇතුළු හමුදා රථ ගණනාවක් විනාශ කිරීමටද යේමන හමුදාවන් සමත්ව ඇතැයි වාර්තා වේ.

හතිරා හමුදා කඳවුර වෙතද යේමන හමුදාවේ ෂෙල් ප‍්‍රහාරයක් එල්ලවී ඇත.

මේ අතර සවුදි අරාබිය යේමන ඉලක්ක වෙත අඛණ්ඩව ගුවන් ප‍්‍රහාර එල්ල කරමින් සිටී.

යේමනයේ ජව්ෆ් නගරයේ ජනාකීරණ් ප‍්‍රදේශයකට එල්ලවූ ගුවන් ප‍්‍රහාර වලින් සිවිල් වැසියන් ගණනාවක් තුවාල ලැබූ අතර සනා අගනුවරට එල්ලවූ ප‍්‍රහාරවලින් යේමන වෛiවරයකු ඇතුළු සිවිල් වැසියන් කිහිපදෙනෙකු මියගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ තීන්දුවක් නොමැතිව මාර්තු 26වනදා සිට සවුදි අරාබිය විසින් යේමනය තුළ ඉලක්ක වලට ගුවන් ප‍්‍රහාර එල්ල කරන අතර තමන්ගේ සමීප මිතුරකුවූ බලයෙන් පහකළ ජනාධිපති අබ්ඞ් මන්සූර් හාඩි යළි බලයට ගෙන එහි අරමුණ බව පැවසේ.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng