සංගා දක්‍ෂ ක‍්‍රීඩකයෙක්.. ඒත් බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් වෙන්න ඇති සුදුසුකම් මොනවාද..

10:53 AM
කුමාර සංගක්කාර අති දක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් බව සැබෑ නමුත් ඔහුට බි‍්‍රතාත්‍ය ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් තනතුරට ආරාධනා කිරීම ප‍්‍රශ්නකාරී බව එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා හිටපු නියෝජිත තමාරා කුනනායකම් මහත්මිය පවසයි.

‘සංගක්කාර අති දක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් වුණත් මොනවද ඔහුට තියෙන අන්තර්ජාතික සබඳතා ගැන පලපුරුද්ද. මේ තීරණයෙන් මට මතක් කරන්න වෙනවා පසුගිය රජයේ ක‍්‍රියාවන්. ඔවුන් වෘත්තීමය නොවන රාජ්‍ය තාන්ත‍්‍රිකයින් යැවුවා. එවන් තීරණම නැවත ගැනීම රටේ කැමැත්ත නොවේ. එහෙත් මං අදහස් කරන්නේ නෑ වෘත්තීය රාජතාන්ත‍්‍රිකයින්ම මේ සඳහා නම් කල යුතුයි කියා. මොකද දක්‍ෂ වෘත්තිකයන් හිටියත් ඔවුන් රාජතාන්ත‍්‍රික වශයෙන් වෘත්තිකයින් නොවෙයි’ යයිද ඇය සඳහන් කලාය.
(lankacnews)

Share this

Related Posts

Previous
Next Post »