මෙරට යුද්ධයේදී අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ මැක්ස්වෙල්
පරණගම ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව කඩිනමින් ජිනිවා මානව හිමිකම්
මණ්ඩලයේ සභාගත කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පෙත්සමක් භාර දී
තිබෙනවා. ජිනිවා හි හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයින් දෙපළක් වන දයාන්
ජයතිලක, තමාරා කුනනායගම් ඇතුළු විද්වතුන් පිරිසක් විසිනුයි මෙම පෙත්සම භාර
දී ඇත්තේ්. ආචාර්ය දයාන්
ජයතිලක මහතා සඳහන් කළේ පසුගිය දා මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන්
කුමරු ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර වශයෙන් මැක්ස්වෙල් පරණගම ජනාධිපති
කොමිසමේ දෙවන වාර්තාව සභාගත කළ යුතු බවයි. ජනාධිපතිවරයා වෙත භාර දුන්
පෙත්සමට මානව හිමිකම් පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන මහාචාර්ය
රජිව් විජේසිංහ ඇතුළු විද්වතුන් පිරිසක් අත්සන් තබා ඇති බව ආචාර්ය දයාන්
ජයතිලක මහතා සඳහන් කළා.
2013 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම කොමිසමට පැවරූ කාර්ය භාරයක් වන්නේ අවසන් යුද සමයේදී ජාත්‍යන්තර මානුෂික නීති කඩ වූවා ද යන්න සොයා බැලීමයි. මෙම කොමිසමේ වාර්තාව සහ යුද්ධය පැවැති කාලසීමාවේ ඝාතන සිදුවීම් 16ක් සොයා බැලීමට 2006 දී පත් කළ උදලාගම කොමිසමේ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට රජය සූදානම් වන බවට ද පසුගිය දා තොරතුරු වාර්තා වුණා.

(hiru News)
EmoticonEmoticon