මියගිය සේයාට පාසලකින් ලිපියක්

12:39 PM
කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා අද දිනයේදී මීගමුව දිස්ත්‍රීක් රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. ඒ, දැරියගේ සිරුරෙන් ලබාගත් කොටස්වල අඩංගු ඞීඑන්ඒ සහ සැකකරුවන්ගේ ඞීඑන්ඒ අතර සම්බන්ධයක් තිබේදැයි යන්න පිළිබඳව සොයා බැලීමටයි.

එමෙන්ම අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවාගේ ලැප්ටොප් පරිගණකය පිළිබඳව ද පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහි අසභ්‍ය වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් ඇතුළත්ව තිබී අතර ඒ පිළිබද කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යානාංශයෙන් වාර්තාවක් ලබා ගන්නා බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි ඊයේ සදහන් කළේ. එසේම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ අනෙක් සැකකරු මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මේ අතර, ලබන වසරේ පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත්වීමට නියමිතව සිටි සේයා දැරියට එහි සම්මුඛ පරීක්ෂණ සඳහා වන ලිපිය ද පෙරේදා ලැබී තිබුණා. ඒ, මිනුවන්ගොඩ - මැල්ලවගෙදර රෝමානු කතෝලික විදුහලෙන්.

සේයා සදෙව්මි දැරියගේ ඝාතකයන්ට නිසි දඩුවම් ලබාදෙන ලෙස බල කරමින් සහ ළමා අපයෝජකයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඊයේත් දිවයින පුරා විරෝධතා ව්‍යාපාර රැසක් සංවිධාන කර තිබුණා.

ළමයින්ට සිදුවන අපයෝජන සිද්ධීන් පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර සඳහන් කළා. සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට විරෝධය පළ කරමින් නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වුණා.

මේ අතර මිනුවන්ගොඩ, කුරුණෑගල සහ කොළඹ ආදී ප්‍රදේශවල දහම්පාසල් දරු දැරියන්ද ඊයේ විරෝධතාවන්වල නිරතවූයේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට විරෝධයට පළ කරමින්.

(hirunews)

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng