යාපනය සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ සති අන්ත
විශේෂ සීග්‍රගාමී දුම්රිය අනුරාධපුරය, ශ‍්‍රාවස්තිපුර සහ තලාව දුම්රිය ස්ථාන අතර මොරගොඩ ප්‍රදේශයේදී
ඊයේ(20) පස්වරුවේ දී පීලි පැනීමකට ලක්වුනා. මෙම දුම්රිය පීලිපැනීමෙන් කොන්ක්‍රීට් සිල්පර කොට 1100 කට
පමණ හානි සිදුව ඇති බවයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ. පීලි
පැනීමට ලක්වූ දුම්රිය මැදිරියක් මාර්ගය දිගේ මීටර 500 කට ආසන්න දුරක් ඇදී
යාම නිසා මෙලෙස කොන්ක‍්‍රීට් සිල්පර කොටවලට හානි සිදුව ඇති බවයි එහි
ප‍්‍රකාශකයෙකු කියා පැවසුවේ. දුම්රියේ මැද කොටසේ මගී මැදිරියක් පීලි පැනීමට ලක්වූයේ
ඊයේ පස්වරු 2.30 ට පමණයි. කෙසේ වෙතත් මෙම පීලිපැනීම නිසා ඇණහිට තිබූ
උතුර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත්කර
තිබෙනවා.
EmoticonEmoticon