කොස්ගොඩ දී පියා විසින් මුහුදට තල්ලූ කළ බිළිදියගේ සිරුර වෙරළට ගොඩ ගසයි

10:51 AM
කොස්ගොඩ දී පෙරේදා(17) රාති‍්‍රයේ දී පියා විසින් මුහුදට තල්ලූ කළ දැරියගේ මළ සිරුර කොස්ගොඩ - මහපැලෑන වෙරළට අද උදෑසන ගොඩ ගසා තිබෙනවා. කොස්ගොඩ පොලීසිය සදහන් කළේ මළ සිරුර පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර යැවූ බවයි. 

කොස්ගොඩ - මහපැලෑන වෙරළේ ගල් පරයක් මතට බිරිඳ සහ දියණිය කැදවාගෙන ගොස් ඔවුන් මුහුදට තල්ලූ කළ සැමියා ඊයේ අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා. එම සිද්ධියේදී මුහුදට තල්ලූ කළ බිරිඳ දිවි ගලවා ගැනීමට සමත් වුණා. සැකකාර සැමියා අද දිනයේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share this

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng