පොලීසියට දේශපාලන ඇගිලි ගැසීම් නතර කරනවා

10:42 AM
පොලිස් දෙපාර්තමේන්තුව තුළ දේශපාලන ඇගිලි ගැසීම්වලට ඉඩ නොතබන බව නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා පවසනවා. 

අමාත්‍යවරයා ඊයේ උදෑසන මහනුවර දළදා මාළිගාව වැද පුදා ගැනීමෙන් අනතුරුව අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැ දුටුවා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ද රාජකාරි කටයුතු ඉටු කිරීමේදී දේශපාලනික වශයෙන් ඇගිලි ගැසීම් සිදුනොකරන බවයි.

Share this

Related Posts

Previous
Next Post »